Monday, October 3, 2011

Sinhala Lyrics






සිංහල ගී පද

(1) දුහුල් මලක මල් පෙත්තක-එහා මෙහා පෙනෙන පරිදී
සියුම්ව ලිව්වා වු - මගෙ පෙම් පණිවිඩය....
සමණළයෙක් අත එව්වා හම්බවුණාද
බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
මගෙ පෙම් පණිවිඩය....
හම්බවුණාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න

ඔබට කැමති වු දවසේ- දැනුණු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා-දෑස් වෙත පාත්වුණේ
ඒ සතුටේ සුසුම තමයි-නළ මුදු සුවඳක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
ඒ ටික ඇති ඔබ වෙනුවෙන් ජීවත්වෙන්න

ඔබ නික්මන් කළ දවසේ-උනපු කඳුළෙ තරම තමයි
පොදවැස්සක් වෙලා-පොලවට පාත් වුණේ
ඒ කඳුළේ බලය තමයි- මහවැලි ගඟ මැද්දේ දිය සුළියක් වුණේ...

(2) සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..

සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි..
සඳ අඳුරේ ඔබ හමුවේ නම්...
සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි..
සඳ එළියේ ඔබ හමුවේ නම්...

මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි..
එය තැනුවේ මා වෙනුවෙන් නම්...
ජී‍විතයම දුකක් වුවත් ජී‍විතයට මං ආසයි..
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්...

සිනාවකට වඩා ඔබේ...... ♥ ♥
(3)
ලියවෙන්නෙ ඔබදෝ ගීයක්‌ වෙලා
පහනක්‌ පැතූ මා සද හමු වෙලා
හිනැහේවි සසරේ පුරා

තනුවක්‌ සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක්‌ වුනා ඔබව හමුවූ දිනේ
මට හිමි වුනා ඔබගෙ නොකෙලැල් සෙනේ
අලුතින් ලොවක්‌ හදමු අපි ජීවිතේ

සුසුමන් මැකෙවී ඔබගේ හදේ
හසරැල් නැගේවී ඔබගේ මුවේ
රැජිනක්‌ වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමය් ඔබගෙ පෙම් ලෝකයේ$
(4)
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

ගායනය.... ජෝතිපාල සමග ඇන්ජලීන්

(5)
කුසුමට ලංවී රොන් ගන්නා
බමරුන් ඈතට ඉගිල ගියා
මඳ සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමකි මා

ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්...
හෙට ආයෙත් දිනයක ඔබ ඒවි
මා රිදවා සතුටු නොවෙන්....

හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවි...
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවි

(6)
කඩ මන්ඩියේ දොළ අයිනේ නුඔව පෙනේ
නැවතී බලනට මොහොතක් කොහොම හරි
කතා නැතුවව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව ඇති

ගහකොලවට දාහක් ඇස නැති හින්ද
සුළගට සියුම් දාහක් කන් නැති හින්
ද කවදාවත් නුබ මට නොලැබෙන
හින්ද මුනි වත හොදයි දෙබසින් දුක වැඩි හින්ද

සුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෙස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි...
(7)
ඔබට වරම් නැති- මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ.....
ඉවත ගලාගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.....

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණිද ලඳුනේ...
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුණේ.....

ආ මග වැරදී ඔහු ද ඔබ ද මා
දෛවයෙ තුන් මංසල හමුවේ....
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නෑ දෙනයන පිපුණේ........
(8)
නුඹේ සිනා මුව මඬලට
මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ
පායන ගාණයි

සද්ද කර බඹරු මල වට
ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූ සිරි
වින්දා මං රහසින්

බැද්ද වටේ සුදු මොරමල්
පිපුණත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන්
ලෙන්ග
(9)
නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//

ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///

ගායනය : මිලින් රූපසිංහ (MiLiN)
පද රචනය : අරුණ කිත්සිරි
සංගීතය : කසුන් කල්හාර
(10)
යාළුවේ.. සිතින් හඩන්නෙපා...
මාළුවෝ.... තවත් හිදියි ජලේ...
ප්‍රේමයේ රගේ... තාරුකා වගේ....
රෑ දිලී උදේ නිවී නිවේ.....

සෑම ප්‍රේමවන්තයෝ...
රෑ දිවා හැඩු නෙතින්.....
බිංදු බිංදු ඈත පාවෙලා......
සාගරේ තරංග සේ...
හෝ හඩින් විලාප දේ....
ඒ උදාර ආදරේ අමා......

ලෝ උපන් දිනේ පටන්...
ප්‍රේම වේදනා සුසුම්......
මේ කුණාටු සීත මාරුතේ....
දේශ දේශයේ මවා...
ලෝ නිරන්තරේ දවා.....
යෞවනේ නිසාලු යාළුවේ....



Random

Hashan Fernando's Street Magic