Saturday, October 1, 2011

Gayesha Perera Photos




සිංහල යතුරු පුවරු සහ ටයිප් කිරීමට යොදාගත හැකි පහසු මෘදුකාංග


සිංහල භාෂාවෙන් පරිගණකයේ ලිවීම අරඹන බොහෝ දෙනාට ගැටලුවක් වන්නේ අකුරු ටයිප්කිරීම හෙවත් යතුරු ලිවීම යි. සඳහා ඉතා පහසුවෙන් යොදාගත හැකි ක්රම ගණනාවක් තියෙනවා. දැන් අපි, නිතර සිංහල ටයිප් නොකරන අයට, අලුතින් පටන්ගන්න අයට, ලේසියෙන් පහසුවෙන් අල්ලා ගන්නපුළුවන් ඉක්මන් ඒවායින් පටන්ගෙන මේ විවිධ ක්රම ගැන ටිකක් සලකා බලමු

1. ගාර්ප්, සිංග්ලිෂ් හා වෙනත් යතුරු ලිවීමේ ක්රම

අපි එස් එම් එස් යවද්දී සිංහල ලියන විදිහ මේ වගේ නේද : mama yanawa. heta ennam

mama gedxara yanavaa ….

මේ ආකාරයෙන් යතුරු ලියද්දී output හැටියට යුනිකෝඩ් සිංහල නිකුත් කරන්නා වූ මෘදුකාංග කිහිපයක් තිබෙනවා.

Garp

එකක් තමයි ගාර්ප්. එහි භාවිතා වන යතුරු පුවරු සැකසුම තමයි මේ. ටයිප් කිරීමට හැටි හුරුවක් නැති කෙනෙකුට වුණත් මෙය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.

සම්පූර්ණ ගාර්ප් උපදෙස් පත්රිකාව මෙන්න මේ යොමුවෙන් ලබාගත හැකියි : http://garpuniphonic.ourprofile.us/files/manual.doc

එවැනි තවත් මෘදුකාංගයක් වන්නේ සිංග්ලිෂ් සිංහල ටයිප්රයිටරය යි.

2. ජාලගත යතුරු පුවරු (Online keyboards)

පරිගණකය තුළ සිංහල යතුරු පුවරුවක් නැතත් ඔබට අන්තර්ජාලයේ තිබෙන උපාංගවල සහාය ලබාගන්න පුළුවන්. ජාලගත යතුරු පුවරු සහ තිරයමත යතුරු පුවරු කීපයක් තියෙනවා.

එස් එම් එස් පන්නයේ සිංහල එසැනින් යුනිකෝඩ් සිංහල බවට පෙරලන පහත දැක්වෙන වෙබ් පිටු ඔබත් අත්හදා බලන්න. mama yanawaa කියා යෙදූ විට එයින් පිරිසිදු යුනිකෝඩ් සිංහල නිපදවෙනවා: “මම යනවාවශයෙන්. මේ බලන්න -

SinGlish transliterated –> Sinhala Unicode

UCSC

SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

අනික තිරය මත යතුරු පුවරුවක් (on screen keyboard) http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

කපුටා යුනිරයිටරය එක පිටුවක් තුළ මේ සියලු වර්ගවල යතුරු ලිවීම් ක්රම යොදාගත හැකි පරිදි සකසා තිබෙන, හදිසි අවස්ථාවක දී ප්රයෝජනවත් උපකරණයක්. ඉන්ටර්නෙට් කැෆේ වැනි පොදු ස්ථානවල දී සිංහල යතුරු පුවරුවක් නොමැති පරිගණකයක සිට වුව යමක් ටයිප් කරගන්න මේ පිටුව උපකාරී වෙනවා : http://www.kaputa.com/uniwriter/

Kaputa

5) ගූගල් වෙතිනුත්, තිරය මත සිංහල යතුරු පුවරුවක් ලබාගන්න පුලුවන්. මෙය ඔබේ වෙබ් අඩෙවියේ පිටුවක් තුළට ඔබ්බවා ගන්න, නැතහොත් embed කරගන්න වුණත් පුළුවන්. සඳහා මේ පිටුව බලන්න

3. ශබ්දානුකුලයතුරු පුවරු (Phonetic keyboards)

සයුර සිංහළ යතුරුලියන සුසැටිය

මෙය ලිනක්ස් මෙහෙයුම් පද්ධති සමග භාවිතා කළ හැකිශබ්දානුකූල පුවරුවක්. කියන්නෙ ඉංගිරිසි අක්ෂරයේ ශබ්දයට ආසන්න වශයෙන් සමාන ආකාරයකට සිංහල අකුරු සංවිධානය වෙලා තියෙන සැකසුමක්.

Phonetic

පහත අකුරු දෙක යතුරු පුවරුවට ඇතුලත් කිරිමෙ දි ක්ෂිණිකව එම අකුරු ඇතුලත් කළ යුතුයි
ka -
කා kA - කැ kAA - කෑ ke - කෙ kee - කේ ki - කි kii - කී ko - කො koo - කො ku - කු kuu - කූ

මෙය අලුතින් ලබාගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා www.sayura.net/im/ වෙත යන්න

4. විජේසේකර යතුරු පුවරුව

මෙය තමයි සිංහල යතුරු ලිවීමට තිබෙන ඉතා ප්රමිතිගත යතුරු පුවරුව. ඉගෙනගත් පසු වේගවත් ලිවීම ලබාගත හැකි යතුරු සැලසුමත් මේකයි. මෙය සැකසී තිබෙන්නේ සිංහල භාෂාවේ වඩාත් භාවිතා වන අකුරු හා පිල්ලම් කරා වඩාත් පහසුවෙන් ළඟා විය හැකි පිළිවෙලකට. නිසා දවස් දෙක තුනක් වෑයම් කිරීමෙන් මෙය අල්ලා ගැනීමවෙනත් සිංහල යතුරු පුවරුවලට වඩා වාසිදායක බව නිර්දේශ කරන්න පුළුවන්. පැරණි ටයිප් රයිටර් යුගයේ පටන් වේගවත් ලිවීමේ හැකියාව ලබා දුන් මෙය සියලු තැන්වලට පොදු ප්රමිතියක් අනුව සැකසුණක්. නිසා ලිනක්ස් මත දී වින්ඩෝස් මත දී හෝ මැනුවල් ටයිප් රයිටරයක් මත දී ඔබට හමු වන විජේසේකර යතුරු පුවරුව එකම පොදු ආකෘතියකට අනුව වැඩ කරනවා. නිසාත් මෙය පහසුයි. වින්ඩෝස් මත සිංහල ස්ථාපනයේ දී මෙන් ලිනක්ස් මත දීත් මෙය සිංහල සමග ඉබේ ලැබෙනවා. පහත දැක්වෙන්නේ එහි සැලසුම හෙවත් කීබෝඩ් ලේ අවුට් එක. (පින්තූරය විශාල කිරීමට එය මත ක්ලික් කරන්න) නොඑසේ නම් මේ pdf ගොනුව බාගන්න

Wijesekara

Random

Hashan Fernando's Street Magic