(1) දුහුල් මලක මල් පෙත්තක-එහා මෙහා පෙනෙන පරිදී
සියුම්ව ලිව්වා වු - මගෙ පෙම් පණිවිඩය....
සමණළයෙක් අත එව්වා හම්බවුණාද
බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
මගෙ පෙම් පණිවිඩය....
හම්බවුණාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න
ඔබට කැමති වු දවසේ- දැනුණු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා-දෑස් වෙත පාත්වුණේ
ඒ සතුටේ සුසුම තමයි-නළ මුදු සුවඳක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
ඒ ටික ඇති ඔබ වෙනුවෙන් ජීවත්වෙන්න
ඔබ නික්මන් කළ දවසේ-උනපු කඳුළෙ තරම තමයි
පොදවැස්සක් වෙලා-පොලවට පාත් වුණේ
ඒ කඳුළේ බලය තමයි- මහවැලි ගඟ මැද්දේ දිය සුළියක් වුණේ...
(2) සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි..
සඳ අඳුරේ ඔබ හමුවේ නම්...
සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි..
සඳ එළියේ ඔබ හමුවේ නම්...
මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි..
එය තැනුවේ මා වෙනුවෙන් නම්...
ජීවිතයම දුකක් වුවත් ජීවිතයට මං ආසයි..
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්...
සිනාවකට වඩා ඔබේ...... ♥ ♥
(3)ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
පහනක් පැතූ මා සද හමු වෙලා
හිනැහේවි සසරේ පුරා
තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
ගීයක් වුනා ඔබව හමුවූ දිනේ
මට හිමි වුනා ඔබගෙ නොකෙලැල් සෙනේ
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ
සුසුමන් මැකෙවී ඔබගේ හදේ
හසරැල් නැගේවී ඔබගේ මුවේ
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
කුමරා මමය් ඔබගෙ පෙම් ලෝකයේ$
(4)අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දිරේ.
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ
ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ගායනය.... ජෝතිපාල සමග ඇන්ජලීන්
(5)
කුසුමට ලංවී රොන් ගන්නා
බමරුන් ඈතට ඉගිල ගියා
මඳ සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමකි මා
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්...
හෙට ආයෙත් දිනයක ඔබ ඒවි
මා රිදවා සතුටු නොවෙන්....
හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවි...
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවි
(6)
No comments:
Post a Comment