Saturday, October 1, 2011

Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්රමයක්


සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ. මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (extreme-seo), දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන හොයලා බැලුවා.

ඉතින 2Checkout තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ,

ImageVisit ~ Fast Way to Host Images

ඔන්න එහෙනම් ක්රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් Plimus සේවාව භාවිතා කරන්න.

ඉතින් ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් Payoneer Prepaid master card එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්.

Paypal වලින් ලංකාවට ලබාගත නොහැකි ගෙවීම් අතටම ලබා ගන්න හැටි ගැන ලිපියක් පළකලා මතක ඇතිනේ.

ඇත්තටම වැඩේ සාර්ථකයි, මම $600 පමණ මුදලක් මේ ක්රමය මගින් ලබා ගත්තා. 2checkout Payoneer Master Card එකකුත් තියෙන නිසා ගොඩක් ප්රයෝජනවත්, මොකද ගොඩක් තැන් වල ගෙවීම් කරන්නත් පුළුවන්නේ. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් හැමවිටම විමසීම් කරන නිසා තව ලිපියක් ලියන්නම්. කිහිප දෙනෙක් නම් මේ ක්රමය සාර්ථකද? නීත්යානුකූලද? වගේ ප්රශ්ණ අහපු නිසා බිල්පත් ඇතුලු කර ලිපියක් ලියන්නම්.


පසුගිය කාලේ Search Engine Optimization වලටත් මට වැඩි කාලයක් යොදවන්න සිදුවුනා, ඇත්තටම මගේ Internet Money වලින් 95% වගේ ලැබෙන්නේ ඒවාට අදාල සේවා මගින්. ඉතින් SEO ගැන ඉගෙන ගන්න එක ගොඩක් ප්රයෝජනවත්.

මොකද අපෙ ලංකාවේ ගොඩක් අය Internet Money, Emoney කියලා එක එක මිථ්යා මත රාශියක් ඔලුවේ තබාගෙන නිකන් බොරුවට ලතවෙන බවක් පෙනවනේ.

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අදහසක් තියෙනවනම් යම් දෙයක් නිවැරිදිව ඉගෙන ගෙන, ක්රමානුකූලව වෙහෙස මහන්සීවී වැඩ කරන්න.

No comments:

Post a Comment

Random

Hashan Fernando's Street Magic